සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල.
Seruwawila mangala rajamaha viharaya, Seruwawila.

Author: Ishankha malsiri

ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන ඉෂංඛ මල්සිරි පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හා දර්ශනපති උපාධිය දිනාගත්තෙකි. ඔහුගේ දර්ශනසූරී උපාධිය කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් සම්පූර්ණ කර ඇත.

ශ‍්‍රී ලාංකේය වාස්තුවිද්‍යා උරුම සංරක්ෂණයේ ඓතිහාසික විකාශය (2011), ඉසුරුමුණිය හා වෙනත් ලිපි (2014), දුටුගැමුණුගේ හෘදසාක්ෂියට පිළිතුරක් (2016), පුරාවිද්‍යා සාධක හා අර්ථකථනය (2018), ඇල්. වී. ඒ. ද මැල් (2022), මහාථූප දාගැබ් සිතුවම් (2023) යන විෂයානුබද්ධ ග‍්‍රන්ථ හා සීතල ලෝදිය (2023) කාව්‍ය සංග‍්‍රහය ඉෂංඛගේ ශාස්ත‍්‍රීය දායකත්වයෙහි අන්තර්ගතයට අයත් ය. මහාසිංහලේ බෞද්ධ ඉතිහාසය සාකච්ඡාමය වැඩසටහනෙහි ප‍්‍රධාන සම්පත් දායකයකු වූ හෙතෙම ‘උරුම යාත‍්‍රා’ වාර්තාමය වැඩසටහන මගින් ද ශ‍්‍රී ලාංකේය උරුමය ජනතාව වෙත සමීප කරවීමට කටයුතු කරමින් සිටියි.