සේරුවිල මංගල රජමහා විහාරය, සේරුවිල.
Seruwawila mangala rajamaha viharaya, Seruwawila.
සධාතුක ප්‍රතිමා ධාතු නිදහිත බුද්ධ ප්රතිමාකරණයේ ශ්‍රී ලාංකේය භාවිතය පිළිබඳ අවලෝකනයක්..මැයෙන් ඔබ අතට පත්වන්නේ එහි සාර ඵලයයි.
මේ පර්යේෂණය අභිලේඛන, වංසකථා, අට්ඨකතා, බණකතා, ඉතිහාසය,ජනශැති ආදී බහුවිධ මූලාශ්‍රය මගින් උකහා ගන්නා ලද දත්ත මත දිවයන්නකි…
රු1,600.00
Available on backorder
සියවසකට අධික කාලපරාසයක් තුළ බුද්ධ ප්‍රතිමා පිළිබඳ ලියැවී ඇති ග්රන්ථ හා ලිපි සියගණනෙකි. එහෙත් ඒ කිසිවෙක සධාතුක ප්‍රතිමාකරණය විශේෂයෙන් සාකච්ඡා වී නොතිබීම පුදුමයට කරුණක් වෙයි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිට වර්තමානය දක්වා ම මේ සම්ප්රදාය පවත්වාගෙන එන මුත් එහි වැදගත්කම පූර්ව පර්යේෂකයන්ට ග්‍රහණය වී නැත. එකී රික්තය පුරවනු පිණිස අභිලේඛන, වංසකථා, අට්ඨකථා, බණකතා, පුරාවිද්‍යා, ඉතිහාස, ජනශ්රැති ආදී බහුවිධ මූලාශ්‍රය මගින් උකහා ගන්නා ලද දත්ත මත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
මෙම කෘතිය නිසැකව ම සධාතුක ප්‍රතිමාකරණය සහසම්බන්ධ මෙරට ප්‍රථම ශාස්ත්‍රීය ව්‍යායාමයයි. තේමා විසිදෙකක් යටතේ පෙළගස්වා ඇති සාකච්ඡාව මගින් අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා සධාතුක ප්‍රතිමාකරණය විකාශය වූ ආකාරය මැනැවින් චිත්රණය කර ඇත.